Jul 31, 2019

විදේශ මත්පැන් වෙනුවෙන් ස්ටිකරයක්

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියලුම විදේශීය මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
එම ආරක්ෂිත ස්ටිකර් අලවා නොමැති විදේශ මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීමද සපුරා තහනම් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කරන විදේශ මත්පැන් හා දේශීය මත්පැන්ද මෙම ස්ටිකර් සහිතව අලෙවි කිරීමට කටයුතු කරන බවද නව නීතිය මගින් නීති විරෝධී ආකාරයට විදේශ මත්පැන් රට තුළට ගෙන ඒම මෙන්ම ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් පාරිභෝගිකයා අතට පත්වීමෙන්ද වැළකේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top