Aug 06, 2019

ඇමෙරිකාවෙන් චීනයට අලුත් චෝදනාවක්

'මුදල් නෝට්ටු ජාවාරම්කරුවකු' ලෙස චීනය සිය වාසිය වෙනුවෙන් යුවාන වටිනාකම කෘතිම ලෙස හසුරුවන්නේ යැයි ඇමෙරිකාව නිල වශයෙන් චෝදනා කරයි.

ඇමෙරිකානු මහාභාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වේ.

2008 න් පසු ප්‍රථම වතාවට ඊයේ දිනයේදී යුවානයක අගය ඩොලරයකට එරෙහිව යුවාන් හතක මට්ටම පසුකළ අතර, චීනය සිය වාසිය වෙනුවෙන් යුවාන වටිනාකම කෘතිම ලෙස හසුරුවා ඇතැයි ඉන්පසුව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය ට්විටර් ගිණුම ඔස්සේ චෝදනා කළේය.

ඩොලර් බිලියන 300 ක් (ඩොලර් බිලියන 246.7 ක්) වටිනා චීන ආනයන වලින් සඳහා 10% ක තීරුබදු පැනවීමට ට්‍රම්ප් විසින් පසුගිය සතියේදී තීරණය කිරීමෙන් පසු ඊට ප්‍රතිචාර කඩිනමින් ප්‍රතිචාර දක්වන බව චීනය පවසා තිබුණි.

මෙම තත්ත්වය හමුවේ දෙරට අතර පවතින වෙළඳ යුද්ධය තවදුරටත් තීව්‍ර වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top