Aug 08, 2019

ජෝන් කීල්ස්, තවදුරටත් කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය නඩත්තු කරයි

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH) විසින් කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අලුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීම සඳහා වන ශ්‍රී ලංකා දුම්රිය සේවය සමඟ පවත්නා වසර 16 ක රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යළි අරඹන ලදී.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් නියෝජනය කරමින් නියෝජ්‍ය සභාපති සහ සමූහ මූල්‍ය අධ්‍යක්ෂ ගිහාන් කුරේ සහ ලේකම් නදීජා තම්බයියා යන මහත්ම මහත්මීන් මීට අදාල ගිවිසුම 2019 ජූලි මස 29 දින අත්සන් කරන ලදී.

වාණිජ කටයුතුවල කේන්ද්‍රස්ථානයක් වන, 1878 වසරේ ස්ලේව් අයිලන්ඩ් දුම්රිය ස්ථානය ලෙස ද හැඳින්වුන කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය විනිසුරු අක්බාර් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය උරුමයේ පැරණිතම දායාදයන්ගෙන් එකකි.

එහි වාත්තු-යකඩ රැළිපීලි වහලවල් සහ යුගයේ දර්ශීය ආකෘතියක් වන ඉහළ වායු ප්‍රවාහයක් ඇතුල්වන සේ නිමවූ පුළුල් ආලින්ද මෙන්ම නවීන පන්නයට අයත් ආරුක්කු, සංකීර්ණ ලී වැඩ, ඔපදැමූ තාක්ෂණයේ සිත්ගන්නා සුළු උදාහරණයක් වන නූතන ලෝහ
ස්ථාපනයන් සහ යකඩ හා පාෂාණමය සංකලනයක සාඩම්බරත්වය අඛණ්ඩව කියාපාන දුම්රිය ස්ථානය වික්ටෝරියානු කලාවේ සංකේතයක් ලෙස පවතී.

කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයට එහි නම බ්‍රිතාන්‍ය ආධිපත්‍යය සමයේ හිමි වූ අතර, එය විශේෂයෙන්ම අප්‍රිකානු වහල් ජනතාව මෙහි ගෙන එන ලද පෘතුගීසි හා ලන්දේසි පාලන සමයෙන් බිහිවූවකි. එතැන් සිට මෙම ප්‍රදේශය ව්‍යාපාරික ස්ථාන, හෝටල් සහ භෝජනාගාර සහිත වාණිජ ස්ථානයක් බවට ක්‍රමයෙන් විකසනය වී ඇති ඇත්තේ එය මධ්‍යම දුම්රිය ස්ථානයක් බවට පත්වෙමිනි. එයට බාහිරින් ආසන්නවම ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් අනුබද්ධ ආයතන පරිශ්‍රය, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සහ 19වන සියවසේ බඩු ගබඩාවන් පිහිටා තිබේ. ශතවර්ෂයකට පසු, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් ප්‍රධාන කාර්යාල සංකීර්ණය ද ග්ලෙනී වීදිය නමින් හැඳින්වෙන, එයට සමාන්තරව පිහිටි වීදියක් වෙතට ගෙන ආ අතර, 21 වන සියවස තුළ මෙම ප්‍රදේශය සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබේ.

2002 වසරේ දී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් මුලින්ම කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයෙහි යටත් විජිත වාස්තු විද්‍යාත්මක වටිනාකම ආරක්ෂා කරමින් එය නවීකරණය කර නඩත්තු කිරීමේ පළමු පියවර තබන ලදී. ආසන්නතම අසල්වැසි ප්‍රධාන ප්‍රජා වර්ධන
ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය දුම්රිය ස්ථානයෙහි එහි මුලින් පැවති තේජස යථා තත්ත්වයට පත් කරලිම අරමුණු කළේ, දුම්රිය ස්ථානය තුළ ඇති දුම්රිය හරස් මාර්ග, පාලම් සහ අනෙකුත් පහසුකම් අලුත්වැඩියාකිරීම කිරීම හා
නවීකරණය කිරීම මගින් එහි නවීන පහසුකම් මඟින් පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට පැසසුම් සපයන අයුරිනි.

දුම්රිය ස්ථානය භාවිතා කරන දහස් ගණන් මගීන්ට පිරිසිදුව හා පරිශීලක හිතකාමීබව සලසා දීමට හැකිවන පරිදි, දුම්රිය ස්ථානයේ දෛනික නඩත්තු කාර්යයන් සඳහා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් අරමුදල් සපයයි. ගොඩනැඟිලි හා සේවා ස්ථානවල සියලු
අළුත්වැඩියා කිරීම් සහ දෛනික නඩත්තු කටයුතු, උද්‍යානය නඩත්තු කිරීම හා හරිතකරණය, දෙපසට අතිරේක වහලවල් සහිත ඉහළින් පිහිට පාලම ප්‍රතිසංස්කරණය කිරීම, බංකු අළුත්වැඩියා කිරීම සහ පින්තාරු කිරීම සහ අභ්‍යන්තර අලංකරණය, ප්‍රධාන
පිවිසුමෙහි/ප්‍රවේශ පත්‍ර කවුන්ටරයෙහි සිවිලිම අලුත්වැඩියාකිරිම ඇතුළත්ව ව්‍යාපෘති කාර්යයන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ සහ ජෝන් කීල්ස් පදනමේ සහයෝගයෙන් ජෝන් කීල්ස් ප්‍රොපර්ටි විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. කොම්පඤ්ඤ වීදිය දුම්රිය ව්‍යාපෘතිය මඟින් 2018/19 මූල්‍ය වර්ෂය තුළ මගීන් 703,514 කට ප්‍රතිලාභ සපයා දී ඇති බව වාර්තා විය.

2013 වසරේ දී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් ප්‍රධාන කාර්යාල සංකීර්ණය සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවතේ නැවත ස්ථාපනය කළ ද, ශ්‍රී ලංකාවේ පිහිටි මෙවැනි ආකාරයේ ප්‍රමුඛ පෙළේ දේපළ වෙළදාම් සංවර්ධනයක් වන සිනමන් ලයිෆ් හරහා සමූහය අඛණ්ඩවම කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය සමඟ සමීප සබඳතාවය පවත්වා ගනිමින් සිටී. “නගරයක් තුළ නගරයක්” වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සම්පූර්ණ වීමේ දී කොළඹ නගරයේ සීමා මායිම් ප්‍රතිනිර්වචනය කරනු ලබන්නේ කොළඹ ජීවන රටාවේ අගනගර සීමාව තුළ යෝජිත කාමර 800 කින් යුත් තරු පහේ සිනමන් හෝටලය, සාප්පු සංකීර්ණය, සම්මේලන මධ්‍යස්ථානය, මහල් 30කින් යුත් අති නවීන කාර්යාල කුළුණ, බහුකාර්ය විනෝදාත්මක ස්ථාන, අවන්හල් සහ අධිමිලැති නේවාසික මහල් නිවාස 427 ක් ද ස්ථාපනය කරමිනි.

ජෝන් කීල්ස් පදනම යනු ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන අතර එය අධ්‍යාපනය, සෞඛ්‍යය, ජීවනෝපාය සංවර්ධනය, පාරිසරික තිරසාරභාවය, කලා සහ සංස්කෘතිය සහ ආපදා සහන යන සයවිධ අංශයන් යටතේ බහුවිධ සහ තිරසාර මුලපිරීම් ගණනාවක් තුළින් ක්‍රියාත්මක වන අතර, එ් සියල්ලම අරමුණු කොට ඇත්තේ "හෙට දිනය සඳහා ජාතිය සවිබල ගැන්වීම” නම් වූ දැක්ම කෙරෙහි ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top