Aug 26, 2019

“බිග් බෑඩ් වුල්ෆ්” තෙවැනි වරටත් ලංකාවට!

පසුගිය දෙවසර තුළ ශ්‍රී ලාංකික ජනතාව අතර ඉමහත් අතිජනප්‍රියට පත්වූ “බිග් බෑඩ් වුල්ෆ්” ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ වසරේදීත් ලංකාවට පැමිණෙන බව වාර්තා වේ.

මේ පිළිබඳව “බිග් බෑඩ් වුල්ෆ්” නිල ෆේස්බුක් පිටුවේ පසුගියදා නිවේදනයක් පළකර තිබුණි.

මෙරට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

ලොව විශාලතම පොත් ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය, පසුගිය වරට ලංකාවට පැමිණියේ 2017 වසරේදීය. 24 පැයේම විවෘත වූ මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේදී අතිසාර්ථක ප්‍රතිචාර හිමිවිය.

විවිධ කාණ්ඩවලට අයත් පොත් රැසක් මෙවර ප්‍රදර්ශනයට එක්වන බවත්, 60% - 80% අතර වට්ටම් ද ලබාගත හැකි බවත් ප්‍රදර්ශන සංවිධායකයන් පවසයි. පසුගිය දෙවසරේ මෙන් මේ වසරේදී ද මෙම ප්‍රදර්ශනය දින 10ක් පුරාවට පැවැත්වීමට අපේක්ෂිතයි.

BigB1 670px 19 08 26

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top