Sep 02, 2019

සිංහපුත්‍ර සමාගමේ ලයිසන් ගැලවෙයි? Featured

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී වෙත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනතුරු ඇඟවීමක් කර ඇතැයි වාර්තා වේ.

එම සමාගමේ මූල්‍ය ව්‍යාපාර සඳහා දී තිබෙන බලපත්‍රය අවලංගු කරනු ලබන බවට මෙහිදී මුදල් මණ්ඩලය දැනුම් දී ඇත.

සමාගමේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සිය විරෝධතාවය පළකරන තිබේ.

සිය බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය දක්වනු ලබන බවත් තම සමාගමේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා නව ආයෝජකයෙකු සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් පවසන්නේ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසා ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top