Sep 04, 2019

UB ෆිනෑන්ස් ආයෝජකයෙකු සොයයි

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන UB Finance Company Limited (UBF) සඳහා මූලෝපායික විකල්පයක් වශයෙන් හඳුනාගනු ලැබූ ආයෝජකයින් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව යූනියන් බැංකුව පවසයි.

කෙසේ වෙතත් මේ වන තෙක් මෙම ආයෝජකයින් විසින් ස්ථීර තීරණයක් ගෙන නොමැති බව ද පැවසේ.

2000 දශකයේ අගභාගයේ දී සමූහය තුළ ඇති වූ අර්බුදකාරීත්වයක් සමඟම ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි කම්පැනි ලිමිටඩ් (F&G) බුංවත්භාවයට පත් වූ අතර 2011 වසරේ දී එය යූනියන් බැංකුව විසින් මිල දී ගනු ලැබීය.

කෙසේ වෙතත් ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි කම්පැනි ලිමිටඩ් (F&G) හි බොහෝ තැන්පතුකරුවන් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටු වී නොමැති අතර පසුගිය කාලයේ දී විටින්විට සිය තැන්පතු මුදල් නැවත ගෙවන ලෙස ඉල්ලා ඔවුන් උද්ඝෝෂණ කිහිපයක්ම පවත්වා ඇති බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top