Sep 10, 2019

කලාපීය ව්‍යවසායකයින්ට තවදුරටත් කොටස් හුවමාරුවේ සවිය

කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලැයිස්තුගත කිරීමේ වේදිකාව වන සවිබල ගැන්වීමේ මණ්ඩලය ඉදිරිපත් කරමින් සිදුවීම් මාලාවක් හරහා කලාපීය ව්‍යවසායකයින් තවදුරටත් සවිබල ගැන්වීමේ කටයුතු වල නිරත වී තිබේ.

අනුරාධපුර, මීගමුව, කුරුණගල සහ මහනුවර යන නගර වලින් අනතුරුව, මෙහි නවතම වැඩසටහන් මාලාව පසුගියදා යාපනයේදී හා මාතරදී පැවැත්වුණි.

සැප්තැම්බර් 20 සහ 21 යන දිනවල පොලොන්නරුව සහ මඩකලපුව නගර වල මෙම තවත් වැඩසටහන් සැලසුම් කර ඇත.

CSE1 670px 19 09 09

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top