Sep 14, 2019

ඉන්දීය ලූණු ගිනිගනන් වෙලා : දඹුලු ලූණු ගොවියාට වැඩි මිලක්

ඉන්දීය වානිජ හා කර්මාන්ත අමාත්‍යංශය විසින් බී ලූණු අපනයනයට පාලන මිලක් පැණවීමත් සමඟ මෙරටට බී ලූණු කිලෝ ග්‍රෑමයක් ආනයනය කිරීමේදී කිලෝ ග්‍රෑමයකට රුපියල් දෙසිය විස්සක මිලක් වැය වන බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය සති අන්තයේ සිට ඉන්දියාව අපනයනය කරනු ලබන බී ලූණු මෙට්‍රික්ටොන් එකක් සඳහා ඩොලර් අටසිය පනහක් අයකරන ලෙස දන්වා තිබේ.

එසේම එම අලෙවිය ණයවර ලිපි මගින් පමණක් සිදුකරන ලෙසටත් උපදෙස් දී ඇත.

බී ලූණු ආනයනය කිරීමට අදාළව ඉන්දියාව නව නීති ගෙන ඒමත් සමග මෙරට බී ලූණු වෙළෙන්දන් ගොවියන්ගේ අස්වැන්න තුට්ටු දෙකට මිලදී ගැනීමේ සැලැසුමක් සම්බන්ධයෙන්ද හෙළිව තිබේ.

දැනටමත්, දඹුල්ල, ආදී ප්‍රදේශවල යල කන්නයේ බීලූනු අස්වැන්න නෙළීම ආරම්භ කර ඇති නිසා එම අස්වැන්න අඩුමිලට ගැනීමට කූඨ වෙළෙඳුන් කටයුතු සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top