Oct 04, 2019

බිග් බෑඩ් වුල්ෆ් 18දා සිට

ශ්‍රී ලාංකිකයන් විසින් කාලයක් පුරාවට මග බලා සිටි බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය‍ තෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සූදානම් බව ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් දැනුම් දෙනු ලැබුණි.

මෙම මාධ්‍ය හමුවට, බිග් බෑඩ් වුල්ෆ් නිර්මාතෘ ජැක්ලින් Ng, බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලංකා සහකාර දීපක් මාධවන්, Pro Read Lanka Pvt Ltd අධ්‍යක්ෂ සහ බිග් බැඩ් වුල්ෆ් ශ්‍රී ලංකා සහකාර නිශාන් වාසලතන්ත්‍රි සහභාගී විය.

මෙම ප්‍රදර්ශනය ඔක්තෙෝබර් මස 18 වැනිදා සිට 28 වැනිදා දක්වා, කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට නියමිත අතර, එය සතියේ දිනවල පෙ.ව. 10.00 සිට ප.ව.10.00 දක්වා ද සතිඅන්තයේ පැය 24 පුරාවට ද විවෘතව
පවතී.

මෙහිදී ඉංග්‍රීසි පොත් සඳහා 50% සිට 90% දක්වා සුවිශේෂී වට්ටම් හිමිවේ.

පාඨකයන් හට තෝරාගැනීමට මිලියන 1.5 ක් පොත් ප්‍රමාණයක් ඇතුළත් මෙම සුවිශාල පොත් ප්‍රදර්ශනයට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ බව සංවිධායකයන් පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top