Oct 04, 2019

නවතම Mercedes-Benz Sprinter වෑන් රථය වෙළඳපලට

Mercedes-Benz සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින් Mercedes-Benz වර්ගයේ නවතම Sprinter Van රථය වෙළඳපලට හඳුන්වා දීම සිදු කරන ලදී.

පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති "Cinnamon Future of Tourism 2019" සමුළුවේදී එළි දැක්වුණු මෙම රථය බොහෝ දෙනාගේ ආකර්ෂණයට සහ අවධානයට ලක් විය. මෙම සමුළුව තුලදී නවතම Sprinter Van රථය එළි දැක්වීම ශ්‍රී ලංකාවේ
සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීම සම්බන්ධයෙන් Mercedes-Benz හා ඩීමෝ හි කැපවීම මනාව පිළිබිඹු කරන්නක් විය.

නවතම Sprinter van රථය හඳුන්වා දීම Mercedes-Benz හි මගී ප්‍රවාහන ක්ෂේත්‍රය නව යුගයක් කරා රැගෙන යන අතර Sprinter රථය Mercedes-Benz van පරපුරෙහි වඩාත් සාර්ථකම වාහන මාදිලිය ලෙසද හැඳින්විය හැක. "Future of Tourism 2019" සමුළුවේදී හඳුන්වා දෙනු ලැබූ Mercedes-Benz Sprinter අසුන් 14ක ඉතා සැප පහසු රථයක් වන අතර සංචාරක ඇතුළු වාණිජමය ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා වඩාත් සුදුසු වේ. මෙම ක්ෂේත්‍රයන්හි වාණිජමය අවශ්‍යතා ඉටු කරගැනීම වෙනුවෙන් Sprinter රථයක් තෝරා ගැනීම මගින් ගැනුම්කරුවන් හට ඉතා අවම මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදු වීම විශේෂත්වයකි. Mercedes-Benz Sprinter හි වැඩි දියුණු කල ආරක්ෂිත අංග (Safety features) සහ සුවපහසු බව, අවම නඩත්තු පිරිවැය, ආකර්ෂණිය පෙනුම සහ ශක්තිමත් නිමාව පුළුල් පරාසයක විහිදුණු ගැණුම්කරුවන් රැසක් ආකර්ෂණය කර ගැනීමට සමත් වන බව නිසැකයෙන්ම කිව හැක.

නවතම Sprinter Van රථය බොහෝ ගැනුම්කරුවන් ගේ ආකර්ෂණයට ලක් වන high roof නිමාවකින් නිපදවා ඇත. ඉන්ධන පිරිමැස්ම අතින් පාරිභෝගිකයාට ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන Sprinter හට ඉන්ධන ලීටරයකින් කිලෝ මීටර 15 ක් දක්වා දුර ධාවනය කළ හැක වේ. තවද විශාල බර ප්‍රමාණයක් රැගෙන යාමේ හැකියාව Sprinter Van රථය සතු වන අතර, සියලුම ගැනුම්කරුවන් වෙත වසර පහක වගකීම සහ සුවිශේෂී වසර 5ක නොමිලයේ ලබා දෙන නඩත්තුවක් හිමි වේ.

වර්තමානයේ ජාත්‍යන්තර වෙළෙඳපළ තුල දක්නට ලැබෙන අනෙකුත් තරඟකාරී රථ වාහන මාදිලීන් හා සැසදීමේදී, Mercedes-Benz වෙළඳ වාහන කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව අතින් පෙරෙමුණේ සිටී. වෙනස් වන ව්‍යාපාර පරිසරයට සහ දිනෙන් දින දියුණු වන
සංචාරක කර්මාන්තයේ අනාගත අභිවෘධිය පිණිස ජාත්‍යන්තර තලයේ ප්‍රමිතීන් වලට අනුගත වීම අනිවාර්ය වන අතර එහිදී සංචාරක ගමනා ගමනයට විශේෂ ස්ථානයක් හිමි වේ. මෙහිදී ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ද ප්‍රචලිත Mercedes-Benz සන්නාමය බොහෝ දෙනා ගේ ආකර්ෂණයට ලක් වේ.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් ඩීමෝ හි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසිය. “Mercedes-Benz යනු විශ්වාසය, ආරක්ෂාව සහ සුවපහසුව යන ගුණාංග ත්‍රිත්වයෙන් සැදුම්ලත් ඉතා විශිෂ්ට සන්නාමයකි. වෙනස්වන
පාරිභෝගික අවශ්‍යතාවන් නිවැරදිව හඳුනා ගනිමින් ඒවා සපුරාලිය හැකි ආකාරයේ රථ වාහන වෙළඳපලට හඳුන්වා දීමේ නියමුවා ලෙස Mercedes-Benz සන්නාමය බොහෝ ලාංකිකයින් අතර ප්‍රසිද්ධියට සහ ගෞරවයට ලක්ව තිබෙන අතර මෙම නවතම හඳුන්වා දීම සිදු කිරීමට හැකි වීම ඉතා ආඩම්බරයට හේතුවක්" බව පැවසී.

Mercedes-Benz Vans සඳහා, අග්නිද ආසියානු Daimler විකුණුම් සහ පාරිභෝගික සේවා ප්‍රධාන කළමනාකාර කෙනී ලිම් මෙහිදී අදහස් දක්වමින් පැවැසුයේ 1995 වසරේ වෙළඳපලට හඳුන්වා දීමේ සිට Mercedes-Benz sprinter මිලියන 3.4ක වාර්තාගත අලෙවියක් පෙන්නුම් කල බවයි. මගී මෝටර් රථ සඳහාම පමණක් පෙර භාවිත වූ ආරක්ෂිත පද්ධතීන් රැසක් නවතම Sprinter රථය තුළ දක්නට ලැබීම සුවිශේෂී කරුණක් බවද හෙතෙම පැවසිය.

දිනෙන් දින වර්ධනය වන දේශීය හෝටල් ජාලය සහ සංචාරක කර්මාන්තයේ වර්ධනය හා සමගාමීව සංචාරක ප්‍රවාහනයට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. නවතම Sprinter රථය මගින් සංචාරකයන්ට සැප පහසු ලෙස සිය ගමනාන්තයන් දක්වා ගමන් කිරීමට හැකි වන අතර එය අයතනිකමය වශයෙන් වාසි රැසක් ගැණුම්කරුවන්ට අත් පත් කර දේන බව ඩීමෝ හි Mercedes-Benz වෙළෙඳ වාහන අංශයේ ව්‍යාපාර ඒකක කළමණාකරු ශාමල් ප්‍රනාන්දු මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසිහ.

නවතම Sprinter වෑන් රථය සුවපහසු හා ආරක්ෂිත විශේෂාංග රැසකින් පාරිභෝගිකයා වෙතට ඉදිරිපත් කරන අතර, ඔවුන්ට ඕනෑම ආකාරයේ ව්‍යපාරික ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටු කරගැනීම සඳහා මෙම රථය භාවිතා කල හැක. Panel වෑන් , Tourer, පික් අප්, චැසි හෝ traction head මාදිලි සහ බඳ කොටසේ දිග, ගෙන යා හැකි ටොන් ප්‍රමාණය, භාණ්ඩ පැටවීමේ ඉඩකඩ, උස හා අංගෝපාංග ආදී වෙනස්කම් ද සමගින්, Sprinter මාදිලි රැසක් පාරිභෝගිකයා වෙත පිරිනැමේ. විවිධ පාරිභෝගික කාණ්ඩයන්හි අවශ්‍යතා ඉටු කිරීම සඳහා කුරියර් සේවාවන්හි සිට දුර පළාත් සඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීම කිරීම දක්වා වූ ඕනෑම ව්‍යාපාර කටයුත්තක් ඉටු කර ගැනීම සඳහා sprinter රථය සුදුසු වේ.

භාණ්ඩ ප්‍රවාහනය සඳහා සැකසූ flatbed ඇති නවීන බහු- කාර්ය Sprinter රථය ගිලන් රථ හෝ ගිනි නිවන රථ දක්වා වැඩි දියුණු කළ හැකි වෙයි. අනෙක් මාදිලිය වන Cargo Van ආසන දෙකේ භාණ්ඩ ප්‍රවාහන වෑන් රථයක් වන අතර, පිටුපසට ආසන තුනක් ඇතුළත් කර, සම්පූර්ණ ආසන ගණන පහක් වන පරිදි වැඩි දියුණු කිරීමේ ඉඩකඩ පවතී. මෙම රථය ඖෂධ ප්‍රවාහනය සඳහාද භාවිත කළ හැකි වවන අතර නව Sprinter රථය ඕනෑම ආකාරයක කර්මාන්ත හා වානිජ අවශ්‍යතා සඳහා වැඩි දියුණු කර ගැනීමේ හැකියාව පවතී.

නව Sprinter රථවල, රේඩාර් සංවේදක (radar sensors) මගින් දැනුම් දෙන ක්‍රියාකාරී තිරිංග සහය මෙන්ම, රිය ධාවනය වීමේ රටාව අනුව රියදුරුගේ වෙහෙස හඳුනා ගන්නා සංවේදක මගින් රියදුරුට අනතුරු අඟවන උපාංගයන්ගෙන්ද යුක්ත වේ.

Sprinter රථ නවීනත්වයෙන් යුතුව, වානිජ කටයුතු සඳහා විසඳුම් ගණනාවක් සපයමින්, සමස්ත ක්ෂේත්‍රයටම පහසුව සලසයි.Amazon සමාගම විසින් Sprinter රථ 20,000 කට අධික ප්‍රමාණයක් ඇණවුම් කිරීම තුළින් Sprinter රථයේ කාර්යක්ෂමතාව මනාව
පිළිබිඹු වේ.

BenzVan1 670px 19 10 04

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top