Oct 16, 2019

Ocean Lanka සමාගම ‘සේවා අභිමන් 2019’ සමරයි

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt. Ltd සමාගම පසුගිය දා ‘සේවා අභිමන් 2019’ සේවක ඇගයීම් සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.
මෙහිදී එම ආයතනය තුළ වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයන් 102 ක් වෙත රන් කාසි ප්‍රදානය කිරීම සිදු කෙරිණ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Ocean Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා අවධාරණය කළේ ‘සිය සමාගම සෑම විටම මහජනතාව වෙනුවෙන් කටයුතු කරන අතරම දීර්ඝ කාලීනව සේවකයන් එහි රැඳී සිටීම සමාගමට ඉහළම වටිනාකමක් එකතු කරන කාරණයක්’ බවයි.

වැඩිදුරටත් අදහස් පළ කරමින් ඒ මහතා මෙසේද පැවසීය: "වසර ගණනාවක සේවා කාලයක් ආයතනය වෙනුවෙන් සම්පූර්ණ කරමින් අද දින අප සමාගම භුක්ති විඳින ගෞරවනීය තත්ත්වය උදාකර ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් පාක්‍ෂිකත්වයෙන් හා කැපවීමෙන් අප හා රැඳී සිටින සේවක මහත්ම මහත්මීන් පිරිසක් ලැබීම අප ආයතනයේ මහත් භාග්‍යයක්".

‘සේවා අභිමන් 2019’ සම්මානය යනු ධජැ්බ ඛ්බන් සමාගමේ 23 වන සංවත්සරය සනිටුහන් කරන සුවිශේෂී වැඩසටහනක් වන අතර ආයතනයේ සේවකයන් ඇගයීමට ලක් කිරීම අරමුණු කරගත් ඉතාම වැදගත් ප්‍රයත්නය වශයෙන්ද එය සලකනු ලැබේ. පරිපූර්ණ ලෙස සේවකයන් දිශානුගත කිරීම, සේවකයින් ආයතනික පරිසරයට අනුගත කිරීම, සේවක කාර්යසාධන ඇගයීම්, සේවකයන් අරමුණු කරගත් තවත් විවිධ ක්‍රියාකාරකම් හා සේවක සුභසාධන වැඩසටහන් ඇසුරින් සේවකයන් ඉහළ පාක්‍ෂිකත්වයකින් යුතුව දීර්ඝ කාලීනව ආයතනය තුළ රඳවා ගැනීම වෙනුවෙන් එම සමාගම සෑම විටම කැප වී සිටියි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top