Oct 18, 2019

ශ්‍රී ලංකන් මුල් සීයෙන් ඉවතට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මෙම වසරේ ලෝක ශ්‍රේණි ගත කිරීමේ ලැයිස්තුවේ පළමු සමාගම් සියය අතරින්ද ඉවතට විසි වී තිබේ.

වසර 2011 දී 52 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2014 වසරේ දී 73 වැනි ස්ථානයට පත් විය.

2015 වසරේදී එම ස්ථානය රැක ගත් සමාගම 2016 වසරේදී 68 වැනි ස්ථානයට පත් විය.

ඉන්පසු 2017 වර්ෂයේ දී ශ්‍රේණි ගත කිරීම් ලැයිස්තුවේ 81 වැනි ස්ථානයට පත්ව 2018 වසරේ දී 95 වැනි ස්ථානය දක්වා පහතට වැටිණි.

මෙවර පළමු සමාගම් සියය අතරින් ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නාමය ඉවතට විසි වී ඇත.

ගුවන් සමාගම් ශ්‍රේණිගත කිරීමේදී මගීන්ට සැපයෙන පහසුකම්, ගුවන් තොටුපොළ පහසුකම්, විශේෂයෙන් සලකා බැලෙන අතර කාර්ය මණ්ඩලවල කාරුණිකභාවය, ගුවන් යානාවල සුඛෝපභෝගී බව, ආහාරවල තත්ත්වය, ආහාර වර්ගීකරණය ඇතුළු නිර්ණායක රැසක් සැලකිල්ලට ගැනේ.

ගුවන් සමාගම් වාර්ෂිකව ශ්‍රේණිගත කරන්නේ SKYTRAX ආයතනයය.

මෙම වසරේ නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව එම ආයතනය ඉකුත් දා එළිදක්වා ඇත. මෙලෙස නම් කෙරෙන ගුවන් සමාගම් සඳහා උත්කර්ෂවත් සම්මාන උළෙලක් පැවැත්වෙයි.

එම සම්මාන උ‍ළෙලට ඇතුළත් වීමට ගුවන් සමාගම් අතර දැඩි තරගයක් පවතින බව කියැවේ.

(අරුණ)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top