Oct 26, 2019

ඔටාරා Singer අධ්‍යක්ෂ ධූරයෙන් අස්වෙයි

ප්‍රකට ව්‍යවසායිකාවක වන ඔටාරා ගුණවර්ධන මහත්මිය තමන් සාමාජිකාවක ලෙස කටයුතු කළ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.
2019 දෙසැම්බර් 31 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරින් ඉල්ලා අස් වී ඇති බව සිංගර් සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.
 
2018 අගෝස්තු මස 01දා සිට සිංගර් ශ්‍රී ලංකා හි විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස පත්වූ ඇය එම සිංගර් ඉතිහාසයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් පළමු වැනි කාන්තාවද වෙයි.

ඔඩෙල් විලාසිතා සන්නාමයේ නිර්මාතෘවරිය වන ඇය 2014 වසරේදී එහි සම්පූර්ණ හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් පීඑල්සී වෙත විකුණා දැමූ අතර වර්තමානයේදී Embark විලාසිතා සන්නාමයේ හිමිකාරීත්වය දරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top