Oct 27, 2019

2017 මහජන බැංකුවේ මිලියන 3607ක් බොල් වෙලා Featured

මහජන බැංකුව 2017 වර්ෂයේ ලබාදුන් ණයවලින් රුපියල් මිලියන තුන්දහස් හයසිය හතක් (3607) බොල් ණය ලෙස කපා දමා ඇතැයි පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව පවසයි.

පසුගියදා එම සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තෙවැනි වාර්තාවේ සඳහන් වන්නේ 2017දී මහජන බැංකුව රුපියල් මිලියන තිස් අට දහස් හාරසිය හතළිස් හයක් (38,446) නිකුත් කර ඇත.

ලබාදුන් ණය රුපියල් මිලියන එකසිය හතළිහක් (140) සඳහා එක් වාරිකයක්වත් ආපසු අය කරගෙන නොතිබූ අතර මිලියන 910ක ණයවලින් ප්‍රාග්ධන වාරිකය හෝ අයකර ගැනීමට සමත් වී නොමැත.

2018 මැයි 31 මේ සියලුම ණය ගෙවීම් පැහැර හැරීම් අක්‍රිය ණය අංශයට මාරුකර ඇති අතර මේ වනවිට එම ණය සියල්ලම බොල් ණය ගිණුමට ඇතුළත් කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top