Oct 30, 2019

ශ්‍රී ලංකන් යානා නඩත්තුවට කල් පැනපු බඩු අරගෙන

ගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයට කල් ඉකුත් වූ ද්‍රව්‍ය හා උපකරණ ගැනීම නිසා ශ්‍රීලංකන් ගුවන් සමාගමට 2017 වර්ෂයේදී රුපියල් දෙකෝටි හැත්තෑ දෙලක්ෂයක පාඩුවක් සිදුව ඇති බවට කෝප් කමිටුවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ.

කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත මේ පැමිණිල්ල පාර්ලිමේන්තු සංකීර්ණයේදි බාර දී තිබේ.

අදාළ පැමිණිල්ල කර ඇත්තේ අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම් ශාඛාවල නියෝජිතයෝ විසිනි.

ශ්‍රීලන්කන් කළමනාකාරිත්වයේ අවිධිමත් තීන්දු තීරණ නිසා ගුවන් සමාගමේ කොළඹ කාර්යාලය කටුනායකට රැගෙන ගිය බව ද, නැවතත් එය කොළඹට ගෙන ඒම නිසා දැවැන්ත මූල්‍ය පාඩුවක් සමාගමට සිදුව ඇතැයි ද කෝප් කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top