Oct 31, 2019

ට්විටර් දේශපාලන දැන්වීම් තහනම් කිරීමට සූදානමින්

සියලුම දේශපාලන දැන්වීම් පළ කිරීම තහනම් කිරීමට ට්විටර් සමාජ මාධ්‍ය ජාලය සූදානම් වී ඇතැයි වාර්තා වේ.
එහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝසි කියා සිටින්නේ අන්තර්ජාල දැන්වීම්කරණය ප්‍රබල අවදියක මෙම තහනම් කිරීම දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවය.  

මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධව විවිධ අදහස් පළවී ඇත. ඇතැම් අය මේ පිළිබඳ යහපත් ප්‍රතිචාර දක්වා ඇතත් ඇතැමුන් මෙම තීරණය විවේචනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ වැඩපිළිවෙලේ කළමනාකරු සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කිරීමට ට්විටර් ආයතනය මෙම පියවර ගෙන ඇති බවය. ෆේස්බුක් ආයතනය ද පසුගියදා දේශපාලන දැන්වීම් තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top