Nov 01, 2019

ලිට්රෝ සමාගමෙන් ජනතාවට සහතිකයක්

පසුගිය සැප්තැම්බර් මාසයේදී සවුදි ආරබියේ ඉන්ධන පිරිපහදුවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සහ තවත් හේතු කිහිපයක් නිසා මෙරට වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් මතුවී ඇති බවද අභියෝග හමුවේ වුව ද මෙරට පාරිභෝගිකයින්ට අඛණ්ඩව ගෑස් සැපයීමට පියවර ගන්නා බවද ලිට්රෝ සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් සහතික වී තිබේ.
මෙරට LP ගෑස් කර්මාන්තයට බලපෑම් එල්ල වීම හමුවේ තරගකාරී සමාගම්වල ගෑස් හිඟවීමෙන් පාරිභෝගිකයින් විශාල පිරිසක් ලිට්රෝ සමාගමේ ගෑස් භාවිතයට යොමුවී ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

තවද එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගෑස් රැගෙන එන නෞකාවලට ලිට්රෝ සමාගමේ පර්යන්ත දෙකට ළඟාවීමට දුෂ්කර වී ඇති බවයි.

අභියෝග හමුවේ වුවද සිය සමාගම මෙරට පාරිභෝගිකයින්ට ගැටලුවකින් තොරව අඛණ්ඩව ගෑස් සැපයීම සඳහා හැකි සෑම පියවරක් ගනිමින් සිටින බව ලිට්රෝ සමාගම සහතික වී තිබේ.

පාරිභෝගිකයින්ට අඛණ්ඩව ගෑස් සපයන බව ලිට්‍රෝ සමාගම පවසයි.සෞදියේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ගෑස් හිඟයක් මතුව ඇති අතර මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගෑස් බෙදා හැරීම ප්‍රමාද වී ඇතැයි එම සමාගම වැඩිදුරටත් පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top