OPEN

#

OPEN

#

Nov 21, 2019

සම්පත් බැංකුවේ ලොක්කෝ බැංකු නීතිය කඩයි Featured

සම්පත් බැංකුවේ ප්‍රධානීන් බැංකු පටිපාටියෙන් මුළුමනින්ම පරිබාහිරව ක්‍රියාකරමින් බැංකු නීතිය කඩා දමා ඇතැයි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.
සම්පත් බැංකුවේ තැන්පත් කරුවන්ගේ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් වන නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදී අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් අගතියට පත් පාර්ශවයේ නීතිඥ උපුල් ජයසූරිය මහතා ඒ බව දන්වා සිටියේය.

ලෝක ප්‍රසිද්ධ රන් සම්මානලාභී හෙළ වෛද්‍යවරයකු වන කැලුම් හර්ෂ වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් අධිකරණය වෙත වාර්තා කරමින් රහස් පොලිසිය කරන ලද විමර්ශනයේදී සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය.

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කිරීමේ නඩුව ලබන දෙසැම්බර් මස 16 වන දින යළි කැඳවන ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට වෝහාරික විගණනයකට අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top