Nov 26, 2019

සබීතාගේ බිල්ඩිමේ 2වැනි කොටස මොබිටෙල් වෙතින් !

වසා දමන ලද එටිසලාට් ආයතනය සිය ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ පිහිටි ගොඩනැගිල්ල ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ ප්‍රධාන කාර්යාලය බවට පත්කර ගැනීමට සූදානම්වන බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අදාළ ගොඩනැගිල්ල පිහිටි භූමියේ වාහන නැවැත්වීමට හෝ ඉඩ පහසුකම් නොමැති බවත්, මීට පෙර එය කුළියට ගෙන සිටි එටිසලාට් සමාගම වාහන නැවැත්වීමට තවත් ස්ථානයක් බදු ගෙන තිබූ බවද පැවසේ.
 
කෙසේවුවද, එජාප ආණ්ඩුව සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ප්‍රවීන නිළි සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂයාගේ රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් කුළියට ගැනීම නිසා මහත් ආන්දෝලනයක් සිදුවූවාසේම මේ ගනුදෙනුවද ආන්දෝලනාත්මක එකක් විය හැකි බවද එම ආයතන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top