Nov 30, 2019

බෙන්ස් හා අවුඩි ලොව පුරා රැකියා 10,000ක් කපන්න යයි

විදුලි මෝටර් රථ සඳහා මාරුවීමට අරමුදල් සැපයීමට උත්සාහ කරන බැවින් ලොව පුරා අවම වශයෙන් රැකියා 10,000ක් වත් කපා හැරීමට සිදුවන බව මර්සිඩීස් බෙන්ස් සමාගම පවසයි.

ඩේම්ලර් මානව සම්පත් ප්‍රධානී විල්ෆ්‍රයිඩ් පෝර්ත් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ අහිමි වූ රැකියා සංඛ්‍යාව “සංඛ්‍යා පහක අගයක්” වනු ඇති බවය.

මෝටර් රථ කර්මාන්තය එහි ඉතිහාසයේ විශාලතම පරිවර්තනය හරහා ගමන් කරමින් සිටින බව ඩේම්ලර් සදහන් කරයි.

මෙම වැඩසටහනේ කොටසක් වන්නේ 2022 අවසන් වනවිට කාර්ය මණ්ඩල පිරිවැය ඩොලර් බිලියන 1.4කින් පමණ අඩු කිරීම සහ වෙනත් දේ අතර ලොව පුරා කළමනාකරණ තනතුරු සංඛ්‍යාව 10%කින් අඩු කිරීමයි.

අවුඩි රැකියා 9500ක් කප්පාදු කරන්න යයි

මුදල් ඉතිරි කිරීම සඳහා රැකියා 9,500ක් කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බව ජර්මනියේ මෝටර් රථ සමාගමක් වන අවුඩි සමාගම පවසයි.

ඒ අනුව එම සමාගම දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති අතර එම සැලැස්මට අනුව වසර 2029 වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් ඉතිරි කිරීමට සූදානම් වේ.

එසේ මුදල් ඉතිරි කිරීම සඳහා 2025 වසර වෙද්දි සමාගමේ රැකියා 9,500ක් අඩු කිරීමට සැලැසුම් කර තිබෙන බවද මෙම වැඩසටහන යටතේ කලින් විශ්‍රාම ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ‘ඉලෙක්ට්‍රෝමොබිලිටි’ සහ ඩිජිටල්කරණය යන ක්ෂේත්‍රවලට නව සේවකයන් බඳවා ගන්නා බවද අවුඩි සමාගම සදහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top