Dec 04, 2019

ගූගල් සම නිර්මාතෘවරුන් ඉවත්වෙයි

තාක්ෂණික ලොව පතාක යෝධයෙකු වන ගූගල් සමාගමේ සම නිර්මාතෘවරුන් වන ලැරී පේජ් හා සර්ජි බ්‍රින් සිය තනතුරු වලින් ඉවත්වන බව නිවේදනය කර තිබේ.
මේ වන විට ලැරී, ගූගල් හි මවු සමාගම වන ඇල්ෆබෙට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද, සර්ජි, එහි සභාපති ලෙසද කටයුතු කරයි.

ඊයේ (03) දින බ්ලෝග් නිවේදනයක් අන්තර්ජාලයට එක්කරමින් ඔහු මේ බව නිවේදනය කර තිබේ.

ගූගල් හා වත්මන් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන සුන්දර් පිචායි ඇල්ෆබෙට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද ඉදිරියේදී පත්වනු ඇති බව මෙම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත්, මොවුන් දෙදෙනා ඉදිරියටත් සමාගම් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected].com දුරකථන - +94 114 546 362

Top