Dec 17, 2019

මිරර් කළ හෙළිදරවෙන් සම්පත් බැංකුවේ ලොක්කෝ කැළඹෙයි

සම්පත් බැංකුවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් පුවත් පලවීමෙන් තම සේවාදායකයින් මහත් අපහසුතාවයකට මෙන්ම කැළඹීමකට පත්ව ඇතැයි සම්පත් බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (16) දන්වා සිටියේය.

සම්පත් බැංකුවේ වංචාව පිළිබඳ "ශ්‍රී ලංකා මිරර්" විශේෂ ලිපි මාලාවක් මගින් පසුගිය කාලය පුරාම හෙළිදරව්කර තිබිණි.

මෙම නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (16) කැදවු අවස්ථාවේදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් දිසානායක මහතා කියා සිටියේ බැංකු කළමනාකරු සිදුකළ වංචාවට සම්පත් බැංකුව සම්පුර්ණයෙන්ම වග කිව යුතු බවයි.

ජාත්‍යන්තර රන් සම්මාන ලාභී හෙළ වෛද්‍යවරයකු වන කැලුම් වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් විමර්ශනයේදී රහස් පොලිසිය විසින් සම්පත් බැංකුවේ මහා පරිමාණ වංචාව පිළිබඳව හෙළිදරව් කරගෙන තිබුණි.

සබැඳි පුවත්
සම්පත් බැංකුවට කෝටිපති වංචාව ගැන ප්‍රශ්නාවලියක්!

සම්පත් බැංකු වංචාවේ මහ මොළකරුවන් ලඟදීම අත්අඩංගුවට !

සම්පත් බැංකු වංචාව යලිත් කරළියට, සැඟවුණු සැකකරුවෝ අත්අඩංගුවට

සම්පත් බැංකුවට අධිකරණයෙන් විශේෂ නියෝගයක්

සම්පත් බැංකු වංචාව ගැන CID ය බැංකු ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි

සම්පත් බැංකුවේ සියලු වංචා බැංකු වේලාවෙන් පසුවයි !

සම්පත් බැංකුවේ මූල්‍ය වංචාව ගැන CID යෙන් පුළුල් පරීක්ෂණයක් !

සම්පත් බැංකුවේ ලොකු පුටු මාරුවුණේ ඇයි? තැම්පත්කරුවන් සැකෙන්

සම්පත් බැංකුවේ වංචාව හෙළිවේ කෝටිපති තැන්පත්කරුවෝ බැංකුව හැර යති

සම්පත් බැංකු වංචාව : බැංකු ලොක්කන්ගෙන් CID ය ප්‍රශ්න කරයි

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top