Dec 26, 2019

සොෆ්ට් ලොජික් සුජීව මහජන බැංකු සභාපති පුටුවට ! Featured

මීට දින කිහිපයකට පෙර සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත් කර තිබූ ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස මහතා පත් කර ඇත.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ හිටපු සභාපතිවරයෙකුද වන ඒ මහතා ලැයිස්තු ගත කළ සමාගම් හා නොකළ සමාගම් කිහිපයකම අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරයි.

ගණකාධීකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් රාශියක් ඇති ඒ මහතා දක්ෂ වෘත්තිකයෙක් ලෙස ද  පිළිගැනෙයි.

කෙසේවුවද, මීට පෙර ලංකා බැංකුවේ සභාපති ලෙස ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිවරයෙක් ලෙස කටයුතු කළ ජගත් වැල්ලවත්ත මහතා පත්කරනු අති බවට මාධ්‍ය වාර්තා පැතිර තිබිණි.

රාජපක්ෂ මහතා මහජන බැංකුවේ සභාපති ධූරයට පත් කිරීමෙන් අනතුරුව වැල්ලවත්ත මහතා  ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ සභාපතිවරයා ලෙස පත් කර ඇත. 

වැල්ලවත්ත මහතා මීට අමතරව පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති ලෙසද කටයුතු කර  තිබිණි.

සොෆ්ලොජික් ආයතනයේ සභාපතිත්වය දරණ අශෝක පතිරගේ මහතා මේවන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

සබැඳි පුවත්

ජෝන් කීල්ස් ලොක්කා ආයෝජන මණ්ඩලයේ සභාපති කරයි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top