Dec 31, 2019

LOLCයේ කාම්බෝජ මයික්‍රොෆිනෑන්ස් කොටස් කොරියන් බැංකුවක් ගනී!

 
කාම්බෝජයේ පිහිටි PRASAC නම් මයික්‍රොෆිනෑන්ස් සමාගම තුළ LOLC සමූහයට අයත් 70%ක පාලක කොටස් අයිතිය මිලදී ගැනීමට කොරියාවේ කූක්මින් බැංකුව එකඟ වී ඇතැයි වාර්තා වේ.
කොරියානු පුවත්පතක් වන කොරියාව හෙරල්ඩ් විසින් පසුගිය 26දා වාර්තා කර ඇති පරිදි කූක්මින් බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 603.4කට (රු. බිලියන 108.5) මෙම කොටස් මිලදී ගැනීමට නියමිතය.

කාම්බෝජයේ හා දකුණු කොරියාවේ මූල්‍ය බලධාරීන් ගේ නිසි අනුමැතිය සමග මෙම ගණුදෙනුව මාස තුනක් ඇතුළත සිදුකර අවසන් කිරීමට නියමිත බව එහි වැඩිදුරටත් දැක්වේ.

මෙම පුවත සමග LOLC සමාගමේ කොටස් අගයද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top