Dec 31, 2019

ඉන්දීය බැංකු ලංකාවේ වැඩ නවත්වයි

මව් බැංකුවල ඉල්ලීම පරිදි, ඇතැම් කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු වසා දැමීමට ඉන්දීය බැංකු ද්විත්වයක් වන ඇක්සිස් බැංකුවට සහ ICICI බැංකුවට මෙරට මහ බැංකුව අවසර දී තිබේ.

ඒ අනුව, මෙම බැංකු දෙකට සාමාන්‍ය ජනතාවගෙන් තැන්පතු භාර ගැනීම ඇතුළුව බැංකු ව්‍යාපාර කරගෙන යාමට අවසර නැත.

මෙම බැංකු වල මෙහෙයුම් කිරීමේ කටයුතු අහවර වූ පසු ඔවුන්ට නිකුත් කරන ලද බලපත්‍ර අවලංගු කරන බව මහ බැංකුව පවසයි.

(LBO ඇසුරෙනි)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top