Jan 08, 2020

ඉරාන ගුවන් සීමා මගහැරීමට ශ්‍රී ලන්කන් තීරණය කරයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ලන්ඩන් කොළඹ ගුවන් මාර්ගය වෙනස් කිරීමට තීරණය කර තිබේ.

ඒ ඉරානය සහ ඉරාකය ගුවන් කලාපයේ ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතු කොට ගෙන බව  ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පර්සියානු ගල්ෆ් කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සමීපව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිරීක්ෂණය කරමින් සිටින බවද එම නිවේදනයේ දැක්වේ.

සිය ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි පියවරක් ගැනීමට සිදුව ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top