Jan 21, 2020

කොමර්ෂල් බැංකුව සියවසරක් සමරයි!

මෙරට විශාලතම වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව, සිය 100 වැනි සංවත්සරය සමරයි.

මෙම සුවිශේසී අවස්ථාව සැමරීම සඳහා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් 4,000 කට වැඩි පිරිසක් මෙම මාසයේදී කොළඹට එක්රැස් විය.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂක - එස්. රෙන්ගනාදන් මහතා පවසා සිටියේ බැංකුකරණ ක්ෂේත්‍රය වේගයෙන් වෙනස්වෙමින් පවතිව බවත්, එය වර්ධනය කිරීමේ හැකියාවද වර්ධනය වෙමින් පවතින බවත්ය. කෙසේවෙතත්, මෙම වර්ධනවීම සිදුවන්නේ සැමට පුරුදු අයුරින් නොව වෙනස් ආකාරයකින් බව ඔහු පවසයි.

“නව ශතවර්ෂයේ නිෂ්පාදන හා සේවාවන් පරිවර්තනය කිරීමට හා ලබා දීමට අපගේ කණ්ඩායමට විශාලතම කුසලතා හා හැකියාව ඇති බව මට විශ්වාසයි,” යැයි ඔහු සඳහන් කරයි.

අඛණ්ඩව වසර නවයක් තිස්සේ ලොව හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කළ එකම ශ්‍රී ලාංකික බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව පමණක් නොවන කොමර්ෂල් බැංකුව හට, බංගලාදේශයේ ශාඛා 19 ක මෙහෙයුමක්, මියන්මාරයේ යැන්ගොන් හි නියෝජිත කාර්යාලයක් මෙන්ම මාලදිවයිනේ මෙහෙයුම් ද පවතී.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ශාඛා 268 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 865 ක ජාලයක් පවත්වාගෙන යයි. 2018 සහ 2019 වසරවලදී දෙස් විදෙස් සම්මාන 80 කට අධික සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වී ඇති කොමර්ෂල් බැංකුව, 2019 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 අතරට නම්කෙරුණි විය. වසර 15 ක් පුරාවට ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ බැංකුව ලෙසද කොමර්ෂල් බැංකුව නම් කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top