Jan 24, 2020

Hutch සහ Etisalat පාරිභෝගිකයන්ට බදු සහන නොදුන් බව පිළිගනියි

හච් හා එටිසලාර්ට් (Hutch - Etisalat) සමාගම් විසින් ඉකුත් දෙසැම්බර් 01 වැනිද (2019-12-01) සිට දෙසැම්බර් 03 වැනිදා (2019-12-03) දක්වා දින 03ක කාලයක් රජයෙන් ලබාදුන් බදු සහන සිය පාරිභෝගිකයින්ට ලබා නොදුන් බව පිළිගෙන තිබේ.

ඒ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් විදුලි සංදේශ නියාමන කොමිසමට සිදු කළ පැමිණිල්ලකට අනුව විදුලි සංදේශ කොමිෂන් සභාව විසින් සිදු කළ පරීක්ෂණයකින් පසුවය.

මේ වන විට අදාළ සමාගම් දෙකටම එම බදු සහනවලට අදාළ මුදල් පාරිභෝගිකයන්ට ගෙවන ලෙස දන්වා තිබේ.

විදුලි නියාමන කොමිෂන් සභාව විසින් හච්සන් ටෙලිකොමිනිකේෂන්ස් ලංකා පුද්ගලික සමාගම වෙත යොමුකරන ලද ලිපිය පහත දැක්වේ.

Hutch Letter

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top