Feb 06, 2020

වතුර බෝතල් සමාගමකින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට කෝටි ගණනක පොල්ලක්  

ලංකාවේ පළමු වතුර බෝතල් සමාගම ලෙස සැලැකෙන සමාගමකින් සේවක අර්ථසාධක අරමුදලට හා ආදායම් බදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගණනක පොල්ලක් තබා ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ මැදිහත්වීම හේතුවෙන් මේ මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි ද පැවසේ.
 
මෙම වතුර බෝතල් සමාගමේ හිමිකරුගේ පුත්‍රයා පසුගිය රජය සමයේ මිල අඩුවෙන් සටහන්කර සුපිරි මෝටර් රථ ගෙන්වීමේ ඡාවාරමක් හෙළිවීම නිසා මේවන විට විදෙස් ගතව සිටින බවද පැවසේ.
 
ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදුකරමින් ඇතැයි ද වාර්තා වේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top