Feb 07, 2020

කෝටි 8,000ක් නිසා ලංකා බැංකුව අසරණ වෙයි Featured

යහපාලන   රජය  සමයේ  දේශපාලනඥයින් ඇතුළු විවිධ  ප්‍රද්ගලයින්  සඳහා ලංකා බැංකුව රුපියල් කෝටි 8,000 ක ණය මුදලක්  නිකුත් කර ඇති බවද මේ වන විට එම ණය මුදල් අය කර ගැනීමට නොහැකිව කල් ඉකුත් වූ අංශයට මාරු කර ඇති බවද ප්‍රගති බැංකු සේවක සංගමයේ  සභාපති  නිශාන්ත සමරසිංහ මහතා පවසයි.

බොරැල්ල ඇන්. ඇම් පොරේරා කේන්ද්‍රෙය් ඊයේ ( 06) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

එජාපයේ 4කුත් ඒ අතර 

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින් සිව් දෙනකු මේ අතර වන බවද වාර්තා වේ.   

මේ පිළිබඳව අල්ලස් කොමිසමට හා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පැමිණියද අද වන තෙක් විමර්ශනයක් හෝ සිදු කර නැති බවද පැවසේ.

මෙම කාලය තුළ ලංකා බැංකුව විසින් කපා හැර ඇති බොල් ණය ප්‍රමාණය රුපියල් කෝටි  500ක් ඉක්මවන බවද ලංකා බැංකුවේ හිටපු මහා කළමනාකරුට ලබා දුන් රුපියල් ලක්ෂ 250ක ප්‍රාඩෝ රථය ඔහු විශ්‍රාම යන විට රුපියල් ලක්ෂ 6ක් ගෙවා නිවසට රැගෙන ගොස් ඇති බවද  ඒ මහතා අනාවරණය කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top