Feb 10, 2020

Caravan Fresh දිගටම වටලයි: ලියාපදිංචිය සැඟවූයේ ත්‍රස්තවාදී වැඩටද? Featured

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ඒකකය විසින් කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමට අයත් වත්තල හැඳල ප්‍රදේශයේ ගබඩාවකින් සොයා ගැනීමෙන් පසුව එම සමාගමට අයත් ආපනශාලා ජාලයක් වන කැරවෑන් ෆෙරෙෂ් (Caravan Fresh) ආපන ශාලා ජාලයේ ශාඛා වැටලීම දිගින් දිගටම සිදුකර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පසුගිය සතියේද එසේ එම ආපනශාලා ඡාලයේ ආපන ශාලා කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පරික්ෂාවට ලක්කර තිබේ.

මේවන විට මදීනා ෆුඩ්ස් සමාගමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර අදාළ නඩු කටයුත්තේදී මේ ආයතනය සමාගමක් ලෙස සිය ලියාපදිංචිය සිදු කිරීමේදී සිය ලිපිනය ලෙස ලබා දී ඇත්තේ ඉන්දියානු ලිපිනයක් බවද හෙළිව තිබේ.

ඒ අනුව මේ සමාගමේ සැබෑ හිමිකරුවන් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් මේවන විට මතුව ඇති බවද පැවසෙන අතර, මෙසේ ලියාපදිංචිය සැඟවූයේ ත්‍රස්තවාදී වැඩ සඳහාද යන්න පිළිබඳවද සැකයක් මතුව ඇති බව පැවසේ.

කෙසේවුවද, පාරිභෝගික අධිකාරිය මේ නඩුව යළි කැඳවීමට නියමිත ලබන පෙබරවාරි 19 වැනිදාට පෙර එහි අධ්‍යක්ෂ මණ්ඩලය සොයාගනිමින් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට සැලැසුම්කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර, අප මදීනා ෆුඩ්ස් ආයතනය අමතමින් එහි අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් එම ආයතනයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් විමසීම් කළ ද ඔවුන් කියා සිටියේ තමන් අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරුන් සමබන්ධයෙන් නොදන්නා බවයි.

සබැඳි පුවත්
ජනතාවට කුණු කේක් කැවූ මදීනාගේ ලියාපදිංචිය ඉන්දියාවේ

ප්‍රකට Caravan Fresh ට සීල් තබයි ! : පාරිභෝගික අධිකාරිය පඹගාලක

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top