Feb 11, 2020

කොරෝනාවෛරසය නිසා නිසාන් කර්මාන්තශාලාවක් වසයි

සෙරීනා හා එක්ස්-ට්‍රේල් මෝටර් රථ මාදිලි නිපදවන ජපානයේ කර්මාන්තශාලාවක් තාවකාලිකව වසා දැමීමට නිසාන් සමාගම තීරණය කර තිබේ.

ඒ, පවතින කොරෝනාවෛරස් තත්ත්වය හමුවේ චීනයෙන් අමතර කොටස් ලබා ගත නොහැකි වීමත් සමගිනි.

කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් චීනයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ වැඩි කොටසක් වසා දමා ඇති අතර, මේ සමග ගෝලීය මෝටර් රථ වෙළඳනාම කිහිපයක නිෂ්පාදන ක්‍රියාදාම ද අඩාල වී ඇත.

චීන වාහන අමතර කොටස් හිඟය හේතුවෙන් හයුන්ඩායි සමාගම ද පසුගිය සතියේ සිය සිය කර්මාන්තශාලා තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණි. කොරෝනාවෛරසය මුලින්ම මතුවූ හූබෙයි පළාත ද, මෝටර් රථ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයකි.

පසුගිය සතියේ ෆියට් ක්‍රයිස්ලර් කියා සිටියේ චීනයෙන් අමතර කොටස් ලබා ගැනීමේ දුෂ්කරතාවය හේතුවෙන් එහි එක් යුරෝපීය කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය නතර කිරීම පිළිබඳව සලකා බලන බවයි. 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top