Feb 13, 2020

Caravan Fresh අයිති මදීනා ෆුඩ්ස් තවත් මගඩියක - මෙන්න විස්තරේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ඒකකය විසින් වත්තල හැඳල ප්‍රදේශයේ ගබඩාවකින් සොයා ගත් කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 හි හිමිකාර සමාගම වන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගම සිය සමාගමේ නම වෙනස් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව අදාළ සමාගම මාස්ටර්බේකරි ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ලෙස සිය නම වෙනස්කර තිබේ. මේ සඳහා ඔවුන් පුවත්පත් දැන්වීමක්ද පල කර ඇති අතර එය පහත දැක්වේ.

Madina

කෙසේවුවද, ඔවුන් මෙසේ නම වෙනස්කර ඇත්තේ මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වත්තල අධිකරණයේ නඩු පවරා තිබියදීය.

ක්ෂේත්‍ර ප්‍රවීනයන් පෙන්වා දෙන්නේ මෙය කාරණා කිහිපයක් මත සිදුකර ඇති බවයි. එහි පළමු වැන්න මේවන විට අදාළ සමාගමට පවරා ඇති නඩුවෙන් එම සමාගම වැරදිකරුවන්වීම නැවැත්වීමට නොහැකි බැවින් ඉන් පසුව අදාළ සමාගමට පාරිභෝගිකටයුතු අධිකාරිය ඇතුළ ආයතන ලබාදී ඇති සහතික අහෝසිවී යාම හා මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමට අයත් ප්‍රධාන ගබඩාවට සීල් තබා ඇති හෙයින් දැනට එම සමාගම විසින් ගෙන්වා ඇති බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර වෙනත් ගබඩාවක් වෙත ගෙනයාම යන කරුණුය.

එසේම ඔවුන්ට අයත් කැරවෑන් ෆෙරෙෂ් (Caravan Fresh) ආපන ශාලාවෙන් ආහාර ගැනීම මේවන විට ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බැවින් අදාල ආපන ශාලා ජාලය වෙනත් නමකින් ආරම්භ කිරීම තවත් අරමුණක් බව ඔවුන් පෙන්වාදෙයි.

මදීනා ෆුඩ්ස් හි හිමිකරු ලෙස ලංකාව තුළ පෙනී සිටින්නේ මොහොමඩ් මවුලා නැමැත්තෙකු බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මොහොමඩ් මවුලා නැමැත්තා Happy Hen නැමති බිත්තර වර්ගය වෙළඳපොළට නිකුත් කරන Switz Lanka Pvt Ltd ආයතනයේ ද අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනු ලබයි.

සබැඳි පුවත්
Caravan Fresh දිගටම වටලයි: ලියාපදිංචිය සැඟවූයේ ත්‍රස්තවාදී වැඩටද?

ප්‍රකට Caravan Fresh ට සීල් තබයි ! : පාරිභෝගික අධිකාරිය පඹගාලක

ජනතාවට කුණු කේක් කැවූ මදීනාගේ ලියාපදිංචිය ඉන්දියාවේ

 

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top