Feb 13, 2020

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ජගත් පී. විජේවීර මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.ඒ, මුදල් අමාත්‍යවරයා විසින්ය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ජගත් පී. විජේවීර මහතා වසර 35 ක පරිපාලනය පිළිබඳව අත්දැකිම් ඇති නිලධාරියෙකි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද සේවය කරමින් අත්දැකීම් පරිපුර්ණ ජගත් විජේවීර මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top