Feb 18, 2020

විස පොවා මාට්ටුයි, ' My Cola ' ට සීල් තබයි Featured

‘මයි කෝලා’ සිසිල් බීම නිෂ්පාදන සමාගමේ කඩවත ගෝනහේන පාරේ පිහිටි කර්මාන්ත ශාලාවට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීල් තබා තිබේ.

මෙම කර්මාන්ත ශාලාව ඊයේ (17) පස්වරුවේ සෝදිසි කළ අවස්ථාවේදී මෙසේ සීල් තබා ඇත්තේ එම කර්මාන්ත ශාලාවේ තිබී කල් ඉකුත් වූ අමු ද්‍රව්‍ය තොගයක් හමුවීම නිසා බව වාර්තා වේ.

අද (18) මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසද අධිකාරිය විසින් මෙම ආයතනයට දැනුම් දී ඇත.

සිසිල් බීම වර්ග කිහිපයක් වන මයි කෝලා, මයි ඔරේන්ජ, මයි ක‍්‍රීම්, මයි සෝඩා සහ ක්‍රිස්ටල් පානීය ජල බෝතල් මෙහි නිෂ්පාදනය කරමින් තිබී ඇතැයි පැවසේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මෙම මස මුලදී වත්තල ප්‍රදේශයේ  ' caravan fresh ' සන්නාමය ඔස්සේ පවත්වාගෙන ගිය කේක්,පේස්ට්‍රි ඇතුළු ආහාර නිෂ්පාදනය කල මදිනා ෆුඩ් පුද්ගලික සමාගමට අයත් නිෂ්පාධනාගාරයකට ද සීල් තබන ලදී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top