Feb 20, 2020

සීල් තැබූ MY Cola වරද පිළිගෙන, විසිදාහක දඩයක් ගෙවා බේරෙයි Featured

කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය කිලෝ දහසක් (1000) ළඟ තබාගෙන සිටි මයි කෝලා නිෂ්පාදනය කරනු ලබන බෙවරේජර්ස් ලංකා පුද්ගලික සමාගම (my cola beverages (Pvt) Ltd.) අද (20) මහර අධිකරණයේදී එම වරද පිළිගෙන තිබේ.

එම සමාගම අදාළ අමුද්‍රව්‍ය තොගය විනාශ කර දැමීමට ද අධිකරණයේදී එකඟතාව පලකර ඇත.

මීට අමතරව, රු. 20,000ක දඩයක් ද ගෙවන ලෙස අධිකරණය විසින් එම සමාගමට නියම කර තිබේ.

මයි කෝලා ඇතුළු බීම වර්ග කිහිපයක් නිෂ්පාදනය කරනු ලබන 555/5ඩී, ගෝනහේන පාර, කඩවත යන ලිපිනයේ පිහිටි කර්මාන්ත ශාලාවේ තිබී අදාළ කල්ඉකුත් වූ අමුද්‍රව්‍ය තොගය පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පසුගිය 17 වැනිදා සොයාගෙන තිබිණි.

පසුව ඔවුන් විසින් අදාළ කර්මාන්ත ශාලාවට සීල් තබනු ලැබිණි.

සිසිල් බීම වර්ග කිහිපයක් වන මයි කෝලා, මයි ඔරේන්ජ, මයි ක්‍රීම්, මයි සෝඩා සහ ක්‍රිස්ටල් පානීය ජල බෝතල් මෙහි නිෂ්පාදනය කරමින් තිබී ඇතැයි පැවසේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මෙම මස මුලදී වත්තල ප්‍රදේශයේ  'caravan fresh' සන්නාමය ඔස්සේ පවත්වාගෙන ගිය කේක්, පේස්ට්‍රි ඇතුළු ආහාර නිෂ්පාදනය කල මදිනා ෆුඩ් පුද්ගලික සමාගමට අයත් නිෂ්පාදනාගාරයකට ද සීල් තබන ලදී.

එහි තිබී කල් ඉක්තුවූ කේක් නිපදවීමට ගන්නා අමුද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි එකහමාරකට අධික බවද පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top