Feb 21, 2020

ජංගම දුරකථන කොම්පැනිවල ඩේටා මාෆියාවක් ගැන ITSSL හෙළි කරයි Featured

අන්තර්ජාල සේවා සපයන සමාගම් තම පාරිභෝගිකයන්ට ලබාදීමට ගිවිසුමකින් බැදීසිටින අන්තර්ජාල වේගයෙන් හරි අඩකට වැඩි (50% ත් 70%) අතර අන්තර්ජාල වේග ප්‍රමාණයක් වත් ලබාදීමට අපොහොසත්වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අදාළ කාරණාව නිවැරදි කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද කටයුතු නොකරන බවයි.

මේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජය ගැනීමට බාධා ඇතිවී ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.

අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකාව ඩිජිටල් ලෝකය ජයගන්න පවතින ඩේටා මාෆියාව විශාල බාදාවක්

ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාදාවක් ලෙස යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන ඩේටා මාෆියාව හේතුවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට සිදුකල අධ්‍යනයකදී හෙළිදරව් වී ඇත. බොහෝ ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයින් ප්‍රමාණයක් මේ පිලිබදව මැසිවිලි නැගුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකිරීමට එම අන්තර්ජාල සේවා සපයන ආයතන මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවද කටයුතු කරන බවක් දැකගත හැකිය. විශේෂයෙන්ම යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් තම පාරිභෝගිකයන්ට ලබාදීමට ගිවිසුමකින් බැදීසිටින අන්තර්ජාල වේගයෙන් හරි අඩකට වැඩි (50% ත් 70%) අතර අන්තර්ජාල වේග ප්‍රමාණයක් වත් ලබාදීමට අපොහොසත්වී ඇත. යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් රාත්‍රී 12න් පසුව ලබාදෙන දත්ත (Night Time Data) සදහා දෙනු ලබන අන්තර්ජාල වේගය මන්දගාමී සිදුකිරීමක් සිදුකරන බවක්ද අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා අන්තර්ජාල පාරිභෝගිකයන්ගේ සුභසිද්ධිය මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි ඩිජිටල් අනාගතයේ සුරක්ෂිතතාවය රැකගැනීමට පලදායි ලෙස අන්තර්ජාල සේවා සපයන සමාගම් නියාමනය කර කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැනුම් දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
INFORMATION TECHNOLOGY SOCIETY SRI LANKA

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top