Mar 05, 2020

කොරෝනා සටනට IMF වෙතින් ඩොලර් බිලියන 50ක්

රටවල් ගණනාවක් පුරා පැතිර ගොස් ඇති Covid-19 කොරෝනාවෛරසයෙන් පීඩා විඳින රටවල් සඳහා ඩොලර් බිලියන 50 ක ආධාර ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දුර්වල සෞඛ්‍ය පද්ධති මෙන්ම දුප්පත් හා මධ්‍යම පන්තියේ ආදායම් ලබන රටවලට මෙම වසංගතයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට සහය දීම සඳහා මෙම මුදල් ලබා දෙන බව එම අරමුදල සඳහන් කරයි.

Covid-19 ව්‍යසනය හේතුවෙන් මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනය මේ වන විටත් පසුගිය වසරේ මට්ටමට වඩා පහත වැටී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි.

මේ වන විටත් ලොව පුරා ආණ්ඩු හා මහ බැංකු විසින් වෛරසයේ Covid-19 බලපෑම අඩු කිරීමට පියවර රැසක් ගෙන තිබුණි.

මේ අතර, එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා - ක්‍රිස්ටලිනා ජෝර්ජීවා අනතුරු ඇඟවූයේ එහි බලපෑම කෙතරම් විශාල වේදැයි පුරෝකථනය කිරීම අසීරු බවයි.

“2020 ගෝලීය වර්ධනය පසුගිය වසරේ මට්ටමට වඩා පහත වැටෙන නමුත්, එය කොතරම් දුරට පහත වැටෙනු ඇතිද සහ එහි බලපෑම කොපමණ කාලයක් පවතිනු ඇතිද යන්න පිළිබඳව පුරෝකථනය කිරීම තවමත් දුෂ්කර," යැයි ඇය පවසයි. 

වර්තමානයේදී උඝ්‍ර වෙමින් පවතින මෙම සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් ලොව, ගෝලීය ආර්ථිකය අවපාතයකට තල්ලු වේදැයි යන්න පිළිබඳව පැවසීම ඇය ප්‍රතික්ෂේප කළ බව බීබීසී සේවය සඳහන් කරයි.

(බීබීසී පුවත්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top