Mar 06, 2020

ශ්‍රීලංකන්, චීනය හා සෞදියේ ජෙඩා ගුවන් ගමන් අත්හිටුවයි

චීනය වෙත සිදු කෙරෙන සියලු ගුවන් ගමන් ලබන 10 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා අත් හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත.

දැනට පවතින තත්වය පිළිබඳ අවධානය යොමුකර එම තීරණය ගත් බව ශ්‍රීලංකන් ගුවන් සමාගම නිවේදනය කර සිටියි.

ශ්‍රීලංකන් සමාගම නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසක් චීනය සමග වන ගුවන් ගමන් අත්හිටවූ පසුවද සිය සේවා පවත්වාගෙන ගිය බවයි.

ලබන අප්‍රේල් 30 වනදායින් පසු වෙළඳපොළ තත්වය සළකා බෙයිජිං / ග්වන්සු සහ ශැංහයි දක්වා සිදුකරන ගුවන් වාර නැවත ආරම්භ කිරීමට අවධානය යොමු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කර සිටියි.

මේ අතර මාර්තු මස 15 වෙනිදා සිට අප්‍රේල් 30 වෙනිදා දක්වා කාල සීමාව තුල ශ්‍රී ලංකාවේ සිට සෞදි අරාබියේ ජෙඩා දක්වා වන ගුවන් ගමන් නතර කිරිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත.

ඒ සෞදි අරාබි සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පනවා තිබෙන නියෝගයක් මතයි.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් කිසිදු විදෙශිකයෙක්ට සෞදි අරාබියට ඇතුල්වීම තහනම් කර තිබේ.

කෙසේ වෙතත් සෞදි අරාබියේ රියාද් සහ දමාම් දක්වා වන ගුවන් ගමන් සේවාවන් දිගටම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කර සිටියි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top