Mar 10, 2020

සේවක ස්ථිර කිරීමකට ඇමති යපා හා ටෙලිකොම් සභාපති ගැටුමක ! Featured

ටෙලිකොම් මෑන්පවර් සේවක ගැටලුව විසඳීම සඳහා එහි වත්මන් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ගෙනා යෝජනාවට අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හරහට හිට ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අමාත්‍යවරයා මෙසේ හරහට සිට ඇත්තේ ටෙලිකොම් ආයතනයේ අනුබද්ධිත ආයතනයක් වන හියුමන් කැපිටල් සොලූෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතා හා මානව සම්පත් ප්‍රධානී දිවාන් රුවන්පුර මහතා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව බව එහි සේවකයෝ කියති.

අදාළ සාකච්ඡාවේදී ටෙලිකොම් මෑන්පවර් රැකියා 400ක් ඇති කළ හැකි බවට අමාත්‍යවරයාට ලබාදුන් උපදෙසක් මත ටෙලිකොම් සභාපතිවරයාගේ යෝජනාවට අමාත්‍යවරයා එරෙහිව සිටින බව පැවසේ.

හියුමන් කැපිටල් සොලුයුෂන් නමින් පවතාවාගෙන යනු ලබන ටෙලිකොම් මෑන්පවර් ආයතනය වසා දමා එම සියලු සේවකයන් සාධාරණ වැටුපකට ටෙලිකොම් වෙත අන්තර්ග්‍රහනය කිරීමට සභාපතිවරයා විසින් අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට සුදුසු යෝජනාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබිණි.

ඒ අදාළ යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා හරහට හිටීම නිසා බව සේවකයෝ පවසති.

සභාපතිවරයා මේ නියෝගය කර ඇත්තේ හියුමන් කැපිටල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතාට බවද පැවසේ.

නමින් පමණක් වෙනස්වූ අදාළ ආයතනය ටෙලිකොම් ආයතනයට අනුබද්ධිත එකකි.

එම ආයතනයේ සියලු වැටප් ගෙවීම් ඇතුලු සියලු කටයුතු සිදුකරනු ලබන්නෙ ටෙලිකොම් ආයතනය මගින් බැවින් ආයතන දෙක්ක පවත්වාගෙන යාමෙන් මුදල් නාස්තියක් වන බව සභාපතිවරයා මේ යෝජනාවට හේතුව ලෙස පෙන්වා දී තිබේ.

එම යෝජනාවට අනුව මෑන්පවර් සේවකයන්ගේ සේවාකාලය සහ අධ්‍යාපන සුදුසුකම් මත සුදුසු තනතුරුවලට අනුයුක්ත කිරීමේ යෝජනාවක් මේවන විට සභාපතිවරයාට ලබාදී ඇත.

මේ ගැටලුව වසර 10කට අධික කාලයක් තිස්සේ පවතින එකකි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top