Mar 12, 2020

වාහන රැසක මිල නගියි

ජපාන යෙන් මුදල් අගය වැඩිවීම හමුවේ වාහන රැසක මිල ගණන් වැඩි වී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව විට්ස් මාදිලිය රුපියල් 2 ලක්ෂ 40 දහසකින් , ඇක්සියෝ රුපියල් 3 ලක්ෂ 75 දහසකින් , ප්‍රිමියෝ ලක්ෂ 4 කින් පමණ ඉහළ යනු ඇති බවත් වැගන් ආර් මාදිලියේ මෝටර් රථයක් රුපියල් එක් ලක්ෂ 70 දහසකින් පමණ වැඩි විය හැකි බවත් එම සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා කියා සිටියේය.

කෙසේවෙතත් දැනට වෙළඳපොලේ පවතින රථවාහන පවතින මිළටම අලෙවි කෙරෙන අතර අලුතින් ඇණවුම් කරන වාහන සඳහා මෙම මිළ ඉහළ යාම අදාළ වනු ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top