Mar 14, 2020

බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් සමාගමට ආයුබොවන් කියයි

මයික්‍රෝසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වී තිබේ.

ගෝලීය, සෞඛ්‍ය, සංවර්ධන, අධ්‍යාපනය හා දේශගුණික විපර්යාශයන් පිළිබඳව අවධානය යොමු කිරිම සඳහා තමන් අදාල ධුරයෙන් ඉවත් වන බව බිල් ගේට්ස් ප්‍රකාශ කර ඇත.

ලොව ධනවත්ම පුද්ගලයෙකු වන 65 හැවිරිදි බිල් ගේට්ස් 2008 වසරේදී මයික්‍රෝසොෆ්ට් ආයතනයේ දෛනික කටයුතුවලින් ඉවත් විය.

මීට පෙර ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් දරා සිටි බිල් ගේට්ස් මේවනවිට පසුවන්නේ ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top