Mar 18, 2020

සතොස නිසා කොරෝනා වැඩි වෙයි?: සැමන් පරිප්පු කාර්ගිල්ස්වල ගිනිගණන්

අඩුකරන ලද සැමන් හා පරිප්පු ලබාගත හැකි එකම ස්ථානය ලංකා සතොසවීම නිසා ජනතාව එම භාණ්ඩ ලබා ගැනීමට මේවන විට පොරකමින් සිටින බව වාර්තා වේ.

අදාළ තත්ත්වය හේතුවෙන් කොරෝනා අවදානම වැඩිවීමේ තත්ත්වයක් ඇතැයි වෛද්‍ය අංශ පෙන්වා දී තිබේ.

Satosa

ජනතාව මෙසේ සැමන් හා පරිප්පු ලබා ගැනීමට පොරකමින් සිටින්නේ අද දිනයේ සිට සැමන් ටින් එකක් රුපියල් 100කටත් පරිප්පු කිලෝවක් රුපියල් 65කටත් අලෙවි කරන ලෙස ගැසට් පත්‍රයක් ද නිකුත් කර තිබියදී කාගිල්ස් වැනි සුපිරි වෙළඳ සැල්වල එම මිලට අදාළ භාණ්ඩ ලබා ගැනීමට නොහැකි වීම නිසාය.

PHOTO 2020 03 18 18 44 43

පහත දැක්වෙන බිල්පතෙන් කාගිල්ස් ෆුඩ්සිටිය සැමන් ටින් එකක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 205 ක මිලකට බව දැකගත හැකිය.

Cargils

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top