Mar 19, 2020

Odel හා Abans සඳහා තුන්දින විශේෂ නිවාඩුව ඇකැප ලොජික්එක ! Featured

පසුගිය 17 වැනිදා සිට අද (19)  දක්වා රජය විසින් ලබාදුන් දින 3ක විශේෂ නිවාඩුව Odel හා Abans ඇතුළු ප්‍රධාන සන්නාම සහිත ආයතන කිහිපයකටම ලබාදී නැතැයි වාර්තා වේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කරමින් රජය අදාළ නිවාඩුව ලබාදෙනු ලැබිණි.

එසේම පෞද්ගලික අංශයට ද ⁣මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජය ඉල්ලා සිටියේය.

අදාළ නිවාඩුව Odel ආයතනයට ලබා නොදීම සම්බන්ධයෙන් සමාජයේ වැඩි කතාබහට ලක්ව තිබේ.

ඒ එම වෙළෙඳසැල් ජාලයේ හිමිකාරිත්වය දරනු ලබන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වීම නිසාය. 

සමාගමේ සභාපති මෙන්ම හිමිකරුවන්නේ අශෝක් පතිරගේ මහතාය.

ඔහු ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ සභාපතිවරයා ද වේ.

කෙසේවුවද, මේවන විට ශ්‍රී ලන්කන් සමාගමේ සේවකයන්ට නිවාඩු ලබාදී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top