Mar 20, 2020

උකස් පොලවල් ජනයාගෙන් පිරෙයි: Dialog මීනී පෙට්ටිකාරයින්ගේ භූමිකාවේ

ලංකා සතොස ඇතුළු සුපිරි වෙළෙඳ සැල් ජනතාවගෙන් පිරී ඉතිරී යද්දී රත්‍රං බඩු උකස් ගන්නා ස්ථානද ජනී ජනයාගෙන් පිරීගොස් ඇති බව සමාජ මාධ්‍ය තුළ වාර්තා වෙමින් තිබේ.

එසේම ජනතාව සති කිහිපයක් නොමිලේ දුරකථන පහසුකම් ලබාදෙන ලෙසද සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලා සිටී.

මේ අතර, Dialog ආයතනය සිය සම්බන්ධතා ගාස්තු ගෙවන මෙන් ඉල්ලමින් SMS එවීම සම්බන්ධයෙන්ද විවේචන එල්ලවී තිබේ.

Dialog Raja

මැලේසියානු සමාගමක් වන Dialog Axiata PLC සමාගමට පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් හමුවේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා දීප ව්‍යාප්ත විදුලි සංදේශ පද්ධතිය ප්‍රසම්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඇමැති මහින්ද අමරවීර මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර තිබිණි. 

කොළඹ තදාසන්න ප්‍රදේශවල දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය මුදලක් ලබාදී ඇති අතර, එම අරමුදල්වලින් කොටසක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා දීප ව්‍යාප්ත විදුලි සංදේශ පද්ධතිය මිල දී ගැනීම සඳහා යෙදවීමට සැලසුම් කර ඇත. 

ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි JV of Ms/ Dialog Axiata PLC and Ms/ Dialog Broadband Network (Pvt.) Ltd., වෙත ප්‍රදානය කිරීමට අනුමැතිය ලැබී ඇත.

බී ළුණු කතා 

මේ අතර බී ළුණු 150 මිලට වෙළඳ පොලේ නැතිබවට ද තවමත් මැසිවිලි නැගෙති.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top