Mar 25, 2020

අද සිට 27 දක්වා කොටස් වෙළෙඳ පොළ වැසේ

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) සිට 27වැනිදා දක්වා කාලය නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව නිවේදනය කරයි.

කොළඹ, ගම්පහ සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල පවතින පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳ පොළ වැඩිදුරටත් පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top