Apr 15, 2020

ශ්‍රීලංකන් මගී ගුවන් ගමන් අත්හිටුවීම් තවදුරටත්

මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාල සීමාව ලබන 30වැනිදා දක්වා දීර්ඝ කරන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.

ලොව සෙසු රටවල් පැන වූ ගුවන් ගමන් සීමා මෙතෙක් ඉවත් නොකිරීම හේතුවෙන් මෙම පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.

එහෙත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් අඛණ්ඩව සිදු කෙරෙන බව එම ගුවන් සමාගම සඳහන් කරයි.

මීට අමතරව අවශ්‍යතාව මත විශේෂ ගුවන් ගමන් ද ක්‍රියාත්මක කෙරෙනු ඇත.

වැඩිදුර විස්තර සඳහා සිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන නියෝජිතයා, ළඟම පවතින ශ්‍රීලංකන් කාර්යාලය හෝ  +94117771979 ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ ශ්‍රීලංකන් දුරකථන මධ්‍යස්ථානය අමතන ලෙස එම සමාගම දැනුම් දෙයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top