Apr 21, 2020

ඇමෙරිකාවේ තෙල් වලට ඍණ මිලක්!

ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකාවේ තෙල් මිල ඍණාත්මක අගයක් ගෙන තිබේ.

එහි තේරුම වන්නේ මැයි මාසය වන විට ගබඩා ධාරිතාව අඩුවනු ඇතැයි යන බිය මත තෙල් නිෂ්පාදකයින් විසින් සිය නිෂ්පාදනය තමන්ගෙන් ඉවත්කරගැනීමට ගැනුම්කරුවන්ට ගෙවීමයි.

ලොව පුරා බොහෝ රටවල් ලොක්ඩවුන් තත්වයේ පවතින බැවින් බොරතෙල් සඳහා ගෝලීය මෙන්ම ඇමෙරිකාවේ ඉල්ලුමද ඓතිහාසික ලෙස පහතවැටී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස සිය අතිරික්ත සැපයුම් ගබඩා කිරීම සඳහා ටැංකි කුලියට ගැනීමට කටයුතු කිරීමට තෙල් සමාගම් හට සිදුවී ඇත.

ඇමෙරිකාවේ තෙල් සඳහා මිණුම් දණ්ඩ වන West Texas Intermediate (WTI) හි බැරලයක මිල ඩොලර් ඍණ 37.63 ක් තරම් අඩු විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top