Apr 29, 2020

සුදු සීනි උපරිම සිල්ලර මිල ඉවතට

සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පනවා තිබූ උපරිම සිල්ලර මිල සහ ආනයනකරුවන් විකිණිය යුතු උපරිම තොග මිල ඊයේ (28 වැනිදා) සිට ඉවත්කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉකුත් 2018 ඔක්තෝබර් 12දා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රු. 100.00 ක උපරිම සිල්ලර මිලක්ද, පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රු. 105.00 ක උපරිම සිල්ලර මිලක්ද නියම කර තිබුණි.

ඊට අමතරව ආනයනකරුවන් විසින් සුදු සීනි කිලෝග්‍රෑමයක් විකිණිය යුතු උපරිම තොග මිල රු. 92.00 ක් බවට නියම කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top