අදාළ තීන්දුව ගෙන ඇත්තේ පසුගිය 24 වැනිදා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ මහතා, අධ්යක්ෂ මණ්ඩලය ඇතුළු එහි ප්‍රධාන නිලධාරීන් 13 දෙනකු සොෆ්ලොජික් සම්මන්ත්රණ ශාලෙවේ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවය.
මෙසේ පඩි රහිත නිවාඩු යවා ඇති පිරිස අතර ගුවන් නියමුවන් 12 දෙනෙකු ද වන බව පැවසේ.
වසංගත තත්ත්වය තවදුරටත් පැවතියහොත් මේ පිරිසට රැකියාවන් අහිමිවීමේ අවදානමක් ද පවතින බව වාර්තා වේ.
තම නිවෙස් වලින් හෝ එළියට යාමේ හැකියාවක් නොමැතිව තිබියදී මෙලෙස රැකියාවෙන් ඉවත් කිරීම හේතුවෙන් බොහෝ සේවකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවද ශ්‍රීලංකන් එයාර්ලයින් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අප ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.
(නව යවත්කාලීන කිරීම - Sunday, 03 May 2020 14:38)
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ක්‍රීයාන්විත අත්හිටුවා ඇති බැවින් කොන්ත්‍රාත් පදනම මත සිටි සේවකයන් 400ක් වැටුප් රහිතව නිවාඩු යැවීමට කටයුතු කර ඇති බව පතිරගේ මහතා දුරකථන ඇමතුමක් ලබාදෙමින් පසුව කියා සිටියේය.
ඔවුන් නැවත සේවයට කැඳවම සලකා බැලීමට සිදුවන්නේ වසංගත තත්ත්වය අඩුවුවහොත් පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
වැටුප් ගෙවීම අත්හිටුවා ඇති සේවක ලයිස්තුව මෙසේය.